Copyrights @ Journal 2014 - Designed By Templateism - SEO Plugin by MyBloggerLab

Jun 1, 2011

අසමජ්ජාති යැයි කියන කොල්ලන්ගේ හිත් ගැන..

Share
කෙල්ලෙක්ගේ හිත... නිර්වචන ගොඩාරියක් හොයාගන්න පුලුවන්.. ඒව එයාලම කියලා එයාලම අඬාගන්නවා.. එක පල් හොරෙක් හිංඳා කොල්ලෝ ඔක්කොම මහ වල්, අසම්ජ්ජාති කුජීතයෝ වෙලා... කොල්ලෙක් නිකමට හරි කෙල්ලෙක් ඉන්න පෝස්ටරයක් දිහා බැලුවත් ඇති. ඇත්තටම ඌ බැලුවේ එහාපැත්තේ තියන මරණ දැන්වීම.. හැබැයි කට්ටියට ඒකම ඇති නිකං ඉන්න උන්ගේ අම්මලා තාත්තලා මතක් කොරන්න.. මේක යකාට ගිය නීතියක් නේ. මං අහන්නේ ඔය කියන මිනිස්සුන්ගෙන් (බෝත් ලේඩීස් සහ ජෙන්ස්) එකෙක් හරි කවදාහරි කොල්ලෙක්ගේ හිතක් ගැන හිතල තියෙයිද..? ඔය කාටහරි කියන්න පුලුවන්ද? (ඇහුවොත් ඉතින් උන්ට එහෙම එකක් නෑ කියයි )

මං මේ කාගෙවත් රෙද්ද හෝදනව නෙවෙයි. නිකමට වත් ඔහොම දෙයක් ගැන හිතලාවත් තියනවද..? රබර් සෙරෙප්පු දාගෙන ඔහේ කලිසමයි, කමිසයයි දාගෙන, කොන්ඩෙ අවුල් කරගත්තු, බෑග් මල්ලක් පැත්තක එල්ලන් යන කොල්ලෙක් ගැන හිතලා තියනවද? ඌගේ හිතේ තියන දේවල්, හීන, බලාපොරොත්තු... ? දෙයියනේ ඌට "කෙල්ලෙක්" කියන එක හීනයක් විතරයි. එහෙම හීනයක් නැත්තං ඌ කොල්ලෙක් නෙවෙයි. ඒ වයසේ හැටි. ඒ දෙයියන්ට, නැත්තන් සොබාදහමට ඕන විදිහ. ඇයි ඒක දිහා විතරක් නිකන් වපරයෙක් වගේ ඇස් ගෙඩි දෙක හොම්බෙ තියන් නිකන් ඇටි කෙහෙල් කාපු රිලවු වගේ නියෝ.. නියෝ බලාගෙන ඌව අවලමෙක් කරන්නේ? ඔයාලා කියන්නේ කොල්ලෝ කියන්නේ නිකන් ගෑනු පිස්සුව හැදුනු මැශිමක්ද? ඇයි ඌට වෙන පිස්සු නැතුවටද?

තමන්ගේ අම්ම තාත්තා උගේම කියල ගත්ත කාර් එකේ දාගෙන කතරගම හරි මොන තැනක හරි යන්න ඕන කියන හීනේ? නැත්තන් ගෙදර ඉතුරු හරිය කොහොම හරි හදාගන්න ඕන කියන එක? එහෙමත් නැත්තන් මේ සමාජයේ තියන මේවගේ අසාධාරන වලට කතාකරන්න..? පාරෙ ඉන්න හිඟන මනුස්සයෙකුට හරි උදව් කරන්න ඕන කියන එක? සමහර උන් එහෙම හිතුනොත් උගේ දවල් කෑම එක හරි දීල යනවා.. අන්න උන් තමයි කොල්ලෝ... උන්ගේ හිත හරියට මහා සාගරේ වගේ.. වෙලාවකට නිස්කලංකයි.. සමහර වෙලාවට දඟයි. ඒ වගේම කියන්න බැරි තරන් ගැඹුරුයි. ඒ හිත අදුනගත්තොත් ඒ හිත් වලින් කරන්න පුලුවන් දේ හිතාගන්නවත් බෑ. ඒ හිතට යමක් වැටුනොත්, ඒක් ගිලිලම යනවා. ආයෙ ඒක ගොඩ ගන්න බෑ.කෙල්ලෙක් ගැන උනත් එච්චරම තමයි. ඔය හිත්වලට ගරහන්න එපා. එහෙම උනොත් ඔය මන් කියපු සාගරේ සුනාමියක් වෙලා එයි ඔයාලා ලගට.. ලෝක විනාසෙ ඊට වැඩිය හොඳයි කියල හිතෙයි එතකොට... මම කියන්නේ, කොල්ලෙක්ට ගොඩ යන්න උදව් නොකලත් කමක් නෑ වනයක්, ඇනයක් නම් වෙන්න එපා... ඊට පස්සෙ ඌ ඔයාලට මහා ඇනයක් වෙයි.. එතකොට එකට බනින්නත් ලෑස්ති වෙන්න එපා...

10 comments:

  1. maxxa talka macho,,,,sirawatama aththa kiyala tiyenwa....

    ReplyDelete
  2. නියමයි මචං ඔන්න තව රෙගියුලර් පාඨකයෙක් උඹේ බ්ලොග් එකට සෙට් වුනා කියලා හිතාගනින්....

    ReplyDelete
  3. මචෝ උඹේ මේ බ්ලොග් පෝස්ට් එක වෙන එකෙක් අමු අමුවේ කොපි කරලා ඒ මදිවට ඌ දැම්මා වගේ දාගෙන අනික් උන්ගෙන් රෙප් ඉල්ලනවා http://www.elakiri.com/forum/showthread.php?p=10621221

    මූ කියනවා උඹෙන් ඌ අහලාලු ඒක උගේ නිර්මාණයක් වගේ එතන දැම්මේ :lol:

    ReplyDelete
  4. http://www.elakiri.com/forum/showthread.php?t=1160934

    මෙතන ඔයාගෙ නිර්මාණය පල කරලා තියෙනවා කෙනෙක් ඔහුගේ වගේ. එයා කියනවා ඔයාගෙන් අවසර ගත්තු බව. මෙය ඇත්තක්ද යන්න කරුණාකර එහි සදහන් කරන්න. එහි නොහැකිනම් මෙහි හෝ එය පල කරන්න.
    ස්තුතිය්....

    ReplyDelete
  5. ඔබ දුන් සහයෝගයට මගේ ස්තුතිය. උත්තර ඉතිරෙන්න දුන්න බව සටහන් කරමි. ලැජ්ජාවක් උන්ට අත්තයිද සිතමි.

    ගිහින්ම බලපන්කෝ

    ReplyDelete
  6. එළකිරි සහෝදරයා

    ReplyDelete
  7. තවත් දෙයක් මචං ඇයි උඹට බැරි උඹ මේ ලියන ලස්සන දේවල් එළකිරි එකෙත් දාන්න මේ ලියන දේවල් ගොඩක් අය අතරට ගෙනියන්න පුළුවන් නේද එතකොට ? දැන් රෙජිස්ටර් වුනානේ සෙට්වෙන්න එළකිරි පවුලට !

    ReplyDelete
  8. හ්ම්ම්. මේ මගේ ඇත්ත තත්වය දන්නවනම් මෙහෙම කියන්නේ නෑ.
    මේක ලිවෙත් හිත ටිකක් හරි නිදහස් කරගන්න. බලමු...
    වෙලාවකට හිතෙනවා මම හරි ලස්සනට දුක්විදිනව කියලා. එකනේ මෙච්චර රසවිදින්නේ... මුකුත් හිතන්න එපා.. හිතුන දේ කිවේ.

    ReplyDelete
  9. ඇත්තටම හරිම ලස්සනට ලියනවා ඔයා..මම දැක්කමයි කොල්ලෙක් මෙච්ච්ර ආදරණිය විදියට ආදරේ ගැන අකුරු කරනවා..හරිම ලස්සනයි...හුගාක් අපූරුයි!!! දිගටම ලියන්න..නවත්වන්න එපා...

    ReplyDelete
  10. උබ ගොඩක් හොදට ලියනවා මචන්. දුක් වෙන්න එපා. හැම දුකක් පස්සෙම සතුටත් තියෙනවා..අද නැතත් හෙට උබට සැනසීමක් ලැබෙයි කියලා හිතපන්.ජීවිතය කොහොමත් දුකක් කොල්ලා

    ReplyDelete