Copyrights @ Journal 2014 - Designed By Templateism - SEO Plugin by MyBloggerLab

Sep 28, 2014

කලුපාට අහසකට මොකට දුන්නද සදක්‬ | Why did you give a moon to a dark sky...



Sinhala Pronunciation in English: 

Kalu pata ahasakata mokata dunnada sadak
Ahala thibba bukiye maha loku porak
Pani sandakda? kohe ekakda? matanam naha kisi wagak
Ahapan ara kurullagen sure ekata uge wadak! 


Sep 15, 2014

දැන් මම කවියෙක්ලු..! | They Say that I'm a poet now...

http://j.mp/danmamakaviyeklu

See also on Pooja Umashankar's facebook official page at: http://j.mp/danmamakaviyeklu


Please be kind enough to share the author's identity with the web link when you are re-publishing this article on facebook and/or other web sites.  

මෙම ලිපි ඔබගේ facebook profiles / pages හෝ වෙනත් වෙබ් අඩවි / බ්ලොග් අඩවි වල ඔබ නැවත පළකරන්නේ නම් කරුණාකර කතුවරයාගේ අනන්‍යතාවය (with web link) සමග පලකිරීමට කාරුණික වන්න. 


Apr 11, 2014

දන්නවාද පුංචි කෙල්ලේ... | Do you know my love...

Pooja Umashankar Dedicated Article.

Dedicated to my loving Pooja Akki.  

Find the original post on Facebook : http://goo.gl/9ZbpFH

මෙම ලිපි ඔබගේ facebook profiles / pages හෝ වෙනත් වෙබ් අඩවි / බ්ලොග් අඩවි වල ඔබ නැවත පළකරන්නේ නම් කරුණාකර කතුවරයාගේ අනන්‍යතාවය සමග පලකිරීමට කාරුණික වන්න.

Nov 25, 2013

ඔයා කැමතිද මගෙත් එක්ක ගොඩක් දුක්විදින්න.. | Suffer with me..

https://www.facebook.com/rasthiya

මෙම ලිපි ඔබගේ facebook profiles / pages හෝ වෙනත් වෙබ් අඩවි / බ්ලොග් අඩවි වල ඔබ නැවත පළකරන්නේ නම් කරුණාකර කතුවරයාගේ අනන්‍යතාවය සමග පලකිරීමට කාරුණික වන්න.

Oct 25, 2013

මගේ කෙල්ල... තවත් මගේ නෙවෙයි.... | My Love is not mine any more...


මට ඊයේ රැ ඉදන්ම නිදක් තිබ්බේ නැති තරම්... එලිය වැටෙනකම් මම මග බලන් හිටියා...
අද එයාගේ උපන් දිනේ... මම දවස් ගානක් මේ දවස වෙනුවෙන් බලන් හිටියා...
එයා එන්න උදේ 9 වත් වෙයි කියල මං දැනගෙන හිටියා.... ඒත් කෙල්ලගේ මුහුණ බලනකම් මට
ඉවසිල්ලක් තිබ්බේ නෑ... ඒ හින්ද ද කොහෙද මම 7 ටත් කලින් නුවර ආවේ..
මට ඉවසිල්ලක් තිබ්බෙම නැහැ... කෙල්ලගේ අද birth day එක..
කෙල්ල කොහොමත් ලස්සනයි..... අද තවත් ලස්සනට ඉදිවී..... පාන්දරම පිපුන සුදු නෙලුම් මලක් වගේ...
ඒ හිනාව.. හිනාවෙනකොට පුංචි වෙන ඇස් දෙක... නිව්වක් නැතුව මුහුණට වැටිලා දගකරන කේස් රෝද.....
ලා රෝස පෙති වගේ මුහුණ.... හනේ........ මගේ හිතම දැහැන් ගත උනාවගේ.............
මට කියන්න තේරෙන්නේ නැහැ.... හිතට එන හැමදේම ඉටුවෙනවානම්.... ජීවිතේ කොච්චරනම් ලස්සනද.....
හ්ම්... වෙලාවකට හිතෙනවා මම පෙරුම් පුරන්නේ කුමාරිකාවක් වගේ කෙනෙක්ට නේද කියල.....
ඇත්තටම එයාගේ තාත්තා ලොකු සල්ලි කාරයෙක්... සැපට හැදුන කෙල්ලෙක්...
ඒත් කිසිම කෙල්ලෙකුට නැති ලස්සන ගතිගුණ මම එයාගෙන් දැක්ක..
මම වගේ එකෙක් එක්ක මේ වගේ සුරංගනාවියක් හිනාවෙලා කතා කරන එකත් මම කල පෙර පිනක්...
එයාගේ පින්තුර පවා එයා මට දීල තියනවා.. මගේ phone එකේ..
wallpaper එක එයා... සමහර දවස් වලට මම ඒ දිහා ඔහේ බලන් ඉදල තියනවා...... වරු ගණන්...
බලන්න බලන්න ලෝබ හිතෙනවා.... අනේ... එයා මගේම වෙනවනම්..... ඒක හීනයක් .......
එයත් එක්ක එයාගේ සුදු අත අල්ලාගෙන නුවර වැව වටේට හිමින් හිමින් ඇවිදින්න තියනවනම්.........
අනේ.. එහෙම වෙනවනම්... එක දවසකට හරි..., මම ඒ දවස වෙනුවෙන් මගේ මුළු ජීවිතේම උනත්
කැපකරනවා...... හ්ම්... මම එතරම් පිං කරලා නැහැ... ඒ බව මම දන්නවා...
ඒත් මගේ හිත....... කියන දේ අහන්නේ නැහැ..
මම මේ කරන්නේ මොනවද කියලවත් මට තේරෙන්නේ නැහැ...
ඇයි මම මෙතරම් කෙල්ලෙක් හින්දා.............. මම දන්නේ නැහැ...
වෙලාව 9 ත් පහු උනා... එයා යාලුවොත් එක්ක එනවනම් එන්නේ KFC එකට...
එයාගේ යාලුවෝ එකතුවෙන්නේ එතනට...
උදේ ඉදන් තාම මොනවත් බඩට වැටුනේත් නැහැ....
එතරම් හදිස්සියක් තිබ්බේ....

එයාට මොනවා නම් තෑගී දෙන්නද..
මගේ කියල වටිනා දෙකට තියෙන්නේ මගේ ජිවිතේ තමයි..
ඕන නම් ඒක උනත් දෙන්න මම ලෑස්තියි....... ඒත් ඒක කියන්න ගියොත් මිනිස්සු හිතයි
මට පිස්සු කියල... මැට්ටා..! එහින්ද මම එයාවම මගේ ඇහින් දැකපු විදිහ චිත්‍රයක් කළා....
මන්දා... ඒක ඒහැටි වටින දෙයක් නෙවෙයි... ඒත් මට හිතුන එහෙම හොදයි කියල...
අන්තිමට හිතුවටත් වඩා ලස්සනට මම ඒක ඇන්දා... මගේ කෙල්ල කොහොමත්
ලස්සනෛ නේ...... ඒත් එක්කම එයාට දෙන්න ගත්තා මල් පොකුරක්..
ඒ වෙනකොට පර වෙයිද කියලත් හිතුන.. වතුර ටිකක් ඉහින්න තිබුනොත් හොදයි...
එතකොටම වගේ සුදු පාට කාර් දෙකකින් කට්ටියක් ඇවිත් බැස්ස...
හරි.. කට්ටිය ආවා.... මම එයාගේ සෙට් එකේ කෙල්ලෙක් අදුනගත්තා....
එයා ආවා... මට එතනට යන්න හිතුන.... ඒත්... නැහැ... කෝ
මගේ කෙල්ල..... පෙනෙන්න හිටියෙ නැහැ.... කොහෙද... ???
මගේ ඇස් වලට පිනි බාලද කියලත් හිතුනා...
නැහැ.... කාර් එකේ පිටිපස්සහ දොර අරුනා... මගේ පපුව ගැහෙන සද්දේ.. මටම ඇහෙනවා වගේ...
දොර අතරින් රුවක් මතුවුණා... දෙයියනේ......................... මගේ මැණික....
මගේ මුළු ඇඟම... හිරිවැටිලගියා............. හරියට හින්දි නිලියක් වගේ... මගේ කෙල්ල....
මම කොහොම නම් කියන්නද... මොනවානම් කියන්නද.....
වාලුකාවක් වගේ ලෝකයක් මැදට දිව්‍ය ලෝකයෙන් දිව්‍යාංගනාවක් වැඩියා වගේ....
මට මාවම අමතක වෙලා වගේ..... මට දුවල ගිහින් බදාගන්න හිතුන...
ඒත්....................... මගේ හින කොදෙව්ව අළු වෙලා යන්නම... මගේ පපුවට අකුණක් ගැහුවා......

කාර් එකේ අනිත් පැත්තෙන් බැස්සේ කොල්ලෙක්... ඌ ගිහින් මගේ කෙල්ලගේ
ඉන වටේ අත් දැම්මා...... එයත් හිනා වෙලා ඒ කොල්ලගේ අතින් අල්ලගත්තා......
මට මගේ පපුවම පත්තුවෙලා ගියා වගේ දැනුන... මට මේ මොකද වෙන්නේ...
යකඩ ගුලියක් උගුරේ හිර උනා වගේ දැනුන.. කෙළ පොදක් වත් ගිලගන්න බැහැ.....
කට්ටිය හිනාවෙනවා.... මොනවද මේ සිද්දවෙන්නේ....
"මචෝ උඹ තමයි අද බිල් සෙට්ල් කරන්නේ......... Coz she is going to be your wife.."
එතන හිටපු කොල්ලක් කිවා...
මෙච්චර වෙලාවක් හිරකරන් හිටපු කදුළු බින්දු ටික මට තවත් නතර කරගන්න මට බැරිවුණා....
එයා හිටියේ පුදුම තරම් සතුටකින්... කොල්ලට තුරුල් වෙලා....
මට මම ගැනම දුක හිතුන..... ම... මට ත්..තවත් ඒ දිහා බලන් ඉන්න බැරි උනා.....
මගේ කෙල්ල... වෙන එකෙක් ළග... මට ඒක ඉවසන්න බැරි උනා... ඇයි දෙයියනේ...........
මට ඒක පිළිගන්න තරම් ශක්තියක් තිබ්බේ නැහැ.... දුවගෙන ගිහින් උගේ හොම්බට අනින්න හිතුන........
ඒත් ....... ඇයි......? මොකද්ද උගේ වැරැද්ද...??
ඔව්.. වැරැද්ද මගේ.... මම කවුද...? නිකන් අහක යන එකෙක්...
එයාගේ තත්වයත් එක්ක බලද්දී මම අහසට පොලොව වගේ......
කොල්ලත් හරියට සුද්දෙක් වගේ... හ්ම්... මට තවත් එතන ඉන්න බැහැ....
ඒත්... මේ ගෙනාපු දේවල්... මොනවා කරන්නද විසි කරන්නද... මම කොහොමද එහෙම කරන්නේ...
මේ හැම දෙයක්ම මම එයාටම ගෙනාපුවා...
අලුත් උණු කදුළු බින්දුවක් මගේ ඇස් අතරින් ගලනවා මට දැනුන...
මහ පාර මැද තවත් මට ඉන්න බැහැ... ඒත් මගේ කෙල්ල......
එයාල දැනටමත් party ඒක පටන් අරන් ද කොහෙද....
අන්තිමේ මම KFC එකේ වැඩ කරන කොල්ලෙක්ට රුපියල් 100 දිල
මම ගෙනාපු මල් පොකුරයි, චිත්‍රයයි මගේ මණික අතට යවන්න කියල දුන්න.....
"ප්‍රශ්නයක් නැහැ.. සර්.. මෙතන private party එකක් නැහැ.... සර්ටම ගිහින් දෙන්න පුළුවන්....."
මට කට උත්තර නැති උනා.... මම කොහෙත්ම එතනට ගැලපෙන්නේ නැහැ...
පරණ ඩෙනිම... අත් නමපු කමිසේ... රබර් සෙරෙප්පු දෙක...
හරියට රස්තියාදුකාරයෙක් වගේ.............
එතන හිටියේ ඔක්කොම පොෂ් සෙට් එකක්... මම එතනට ගියොත් විකාරයක් වගේ තියෙයි.....
අනිත් අතට...... මගේ රෝස මල වෙන එකෙක් එක්ක ඉන්න ඒක මට කොහොමත්
බලන් ඉන්න බැහැ.... මට මම ගැනම දුක හිතුන...
"ක්...කමක් නැහැ.. ඔයාම දෙන්න මල්ලි..."
මම ගෙනාපු ටික දීල මම එන්නට හැරුන....
මට දැනුනේ ලොකු හිස් කමක්...
දුකක්... වේදනාවක්....
මගේ රත්තරන් මැණික... මගේ නෙවෙයි..
තිත්ත උනත්... මට ඒ ඇත්තම පිළිගන්න උනා.....
මගේ කෙල්ල.... තවත් මගේ නෙවෙයි..............

-රස්තියාදුකාරයා-

Oct 23, 2012

මට මතක එපමණය.... | It is over...


"උඹට යන්නම ඕනද..." ඒ සුගත් ය.  දන්නා දා සිට දුකටත් සැපටත් ළග හිඳ කට්ට කෑ සගයාය.

"ඔව්, මට යන්න ඕන, උබට බැරිනම් හිටපන් මන් තනියම හරි යන්නම්," මම තීරණාත්මකව පැවසුවෙමි,

"මට එන එක මහා දෙයක් නෙවෙයි බං, උබ ඔතනට ගිහින් පිස්සුවක් වත් නැටුවොත්, එකයි මට බය.." ඒ සැකය සාධාරණය,
" නෑ, අ..අපි අයිනට වෙලා බලලා අනිත් පැත්තට එමු, මට අන්තිම පාරට කෙල්ලගේ
මුහුණ ටිකක් බලන්න ඕන මචං,.." මගේ දෑසම බොදවී ගියේය.. සුගත් සුසුමක් හෙලීය..

මගේ හිතේ දුවන්නේ මොනවදැයි මටවත් තේරුම්ගත නොහැකිව ලත වුනෙමි...
අද ඇයගේ විවාහ උත්සවයයි... එය මතක් වන ත්ත්පරයක් තත්පරයක් පාසා මගේ හදවත ගිනියම් කල
යකඩ කුරකින් පහුරු ගානවා බඳුය..  මා අය දුටු මුල් දරන සිටම යටම පේවී උන්නෙමි..
ඇයද එසේම කලාය.. මා දනිමි... මට එය ඉර හඳ මෙන් විශ්වාසය..
ඇය මා වෙතට ලං වුයේ ඇයටත් නොදැනිය... නමුත් ඇය ඇයගේ හදවතට ඉඩදුන්නේ නැත...
හැමදෙයටම මුල ඇයගේ පවුල් පසුබිමය.. ඇය කතෝලිකය.. ඇයගේ දෙමාපියන් කෙලෙසකින්වත්
අන්යාගමිකයකුට ඇය විවාහ කර නොදෙන බව ඇය කීවාය.. මම එය ඒහැටි ගණන් නොගත්තේ
එවැන්නක් අදකාලයේ හැටියට මහා හේතුවක් නොවනබව සිතු නිසාය..

"එපා, කසුන්, ප්ලීස්... මේක අමතක කරලා දාන්න.. මේක වෙන්නේ නෑ.."

ඇය කී වදන් තවමත් මගේ දෙසවන් තුල දෝංකාර දෙයි.. නැත.. මට ඇය අත්හැර දැමිය නොහැක...
ඇය වන් කෙල්ලෙක් මා අත්හැර දමන්නේ කෙසේද... ඒ බැල්ම.. කෙසේනම්......
මට ඉවසාගත් නොහැකි දුකක් පපුවට නැගෙයි... ගතම සිතල වී යනු මට දැනිණි...
හිස තුල යකඩ ගුලියක් හිරවී ඇති සෙයකි.. ඇය අමතක කරන්නේ කෙසේද..
අන්නන්තවත් යුවතියන් අතුරින් මා දුටු සුන්දරතම යුවතිය ඇයයි..
මන්දමාරුතයේ හමා එන පිච්ච මල් සුවද.. ඇය අනෙක් යුවතියන්ට වඩා ඉතාමත් වෙනස්
ගති ඇත්තියකි... ඒ හැම දෙයකටම මා පිස්සුවෙන් මෙන් ආදරය කලෙමි..
එදා, කෝච්චියේදී... සිදු වූ දේවල් තවමත් හීනයක් බදුය.. ඇය මට ආදරය කලනමුත් ...
දෙමාපියන්ගේ වචනය අහක දමා එන්නට නොහැකිව ඇය මා අත්හැර දැමුවාය..
ඇය අසරණය.. ම දනිමි.. ඊටත් වඩා මා අසරණවී සිටිමි.. අවුරුදු 24 ටම මා පෙම්කල
එකමක් ඒක යුවතිය... අද අනෙකෙකුට අයිති වන්නේය..
මට එය දරාගත් නොහැකියා.. හද ඊර්ශ්යාවකින් පැලෙයි..
සුගත් වහනය නතර කර යලිත් ම දෙසට හැරුනේය..

"මචං, මල්ලි, කියනදේ අහපන්.. ඔතනට යන එකෙන් උබේ හිත තවත් රිදෙන එක විතරයි..
මේක අමතක කරපන්,  මේ උඹට අයිති කෙනා නෙවෙයි.. බොරුවට පිස්සෙක් වෙන්න එපා කොල්ලෝ..."
සුගත් කියාගෙන ගියේය.. ඔහුගේ වචනවලද තිබුනේ වේදනාවක් බඳු දෙයකි..

"මන් දැනනේ නෑ.. මට හරවා හරවා එක එක කෙල්ලට ලව් කරන්න දන්නේ නෑ...
මන් ලව් කලේ මේකිට විතරයි.. ඒක හැමදාටමත් එහෙමයි... මන් දැන් යන්නේ මගේ කෙල්ලගේ
වෙඩින් ඒක බලන්න.. එච්චරයි.."
හැඩුම් යන්නට නොදී මා ඉවසාගෙන පැවසුවෙමි.. නමුත් කාලකන්නි කදුලක් මට ඉස්සර වී රූරා වැටිණි..
සුගත් දිගු සුසුමක් හෙලුවේය.. ඔහුටත් තත්වයේ බරපතලකම් තේරුණා විය යුතුය...

"ලෝකේ ඉන්න වාසනාවතම එකා මන් වෙන්න ඇති, හිතපන්.. තමන්ගේ කෙල්ලගේ වෙඩින් එක මොකාටද බං බලන්න ලැබිල තියෙන්නේ... " කදුළු පිසදාගෙන මා සිනාසෙන්නට උඑර දැරුවෙමි...

"තමුසෙට පිස්සු, වරෙන් යන මගුලක යන්න.."

සුගත් හා මම පල්ලිය වෙත පියනැගුවෙමු.. මා මෙවැනි මංගල්‍යයක් වෙත් සහභාගි වූ මුල්ම අවස්ථාවයි..
මා සිටියේ තරමක් චකිතයකිනි.. ඇයගේ දෙමාපියන් හෝ අයියා දුටුවහොත් මෙතන මහා විනාශයක් වනු ඇත..
මන්ද මේ පලහිලව්ව නිසා මම වරක් ඇයගේ අයියා සමග රණ්ඩුවකටද පටලුනෙමි.. ඔහුත් මගෙන් පලි ගන්නට මාන බලමින් උන්නේය.. එදා මගේ අතින් ඔහුට දතක් ද අහිමි විය..

"කෙල්ලගේ අයියා කාරයා නම් නෑ... දැක්කොත් ඉතින් දෙන්නටම බුදු සරණයි"
සුගත් මට කොදුරා කිවේය..
කෙසේ හෝ කාටවත් නොදැනෙන අයුරින් සුගත් මාද ඇදගෙන සෙනග අතුරින් ඇතුලට රිංගා ගත්තේය..
මමත් ඔහුත් යන්තම් පසුපස ආසනයක් අල්ලගතිමු.
මගේ සිත නොසන්සුන්ය.. හදවත පැලෙන්න මෙන් ය.. මා මෙහි නොපැමිනෙන්නට තිබුණි.. මට සිතුනි..
මා මේ කරන්නේ කුමක්දැයි මටවත් සිහියක් නැත..

"මචං.. ලෝකේ මෙච්චර කෙල්ලෝ ඉදලත් ඇයි මං මෙකිටම ආදරේ කලේ.."

"ඒකට නම් උත්තරේ මං දන්නේ නෑ බං" සුගත් කීය.

මා ඉදිරිපස පුටුවට හිස ගසාගෙන උන්නෙමි..
අදින් ඇය මට අහිමි වෙයි...
තව ටිකකින් ඇය ඔහුට මුදුව පළන්දයි...
ඔහුද ඇයට මුදුව පළන්දයි..
ඇය තව එකකුට හිමිවෙයි...
මම බලාසිටිමි.... කොහේ හිටියත් සතුටින් ඉන්න...
චිත්‍රපටි ජවනිකාවක දෙබසක් ලෙස ඔවුනට
මට සුබ පැතිය නොහැක..... මා එතරම් ත්‍යාගවන්තයෙක් නොවෙමි... නළුවෙක්ද නොවෙමි..
එක් සාමාන්‍ය කොල්ලෙක්මි... අන්යට සේම බලාපොරොත්තු මටද ඇත.. ඒවා ලබාගන්න මවපු සිහිනද ඇත...
ඒ සියල්ල දැන් අළු වී හමාරය...
අඩුමතරමින් ඇයවත් කැමතිනම්, මේ මොන බාධක ආවත් මා ඇය උස්සගෙන හෝ දුවමි...
නමුත් එය එසේ නොවෙයි.. ඇය අගේ ආදරය අමතක කර දැමුවාය.. ගැහැණු සිත ශක්තිමත්ය.. අපි දුර්වලය...........

"මචං එනවා.." සුගත් ලංවී මිමිනුවේය...

මගේ පපුවම නතරවිය.. ඇය පියාගේ දෑතින් ගෙන ඉදිරියට වඩිනවාය...
සුගත් මගේ දෑත වැරෙන් අල්ලාගෙන සිටියේ මා කඩාගෙන දුවයි යැයි සිතුනිසා වියයුතුය...
මට කුමක් කරන්නද සිතාගත නොහැකිව ලත වුනෙමි.. සුදු සාරියක් හැද, මල් පොකුරකුත් දෑතින් ගෙන මේ
වඩින්නේ මා, මගේ ම කරගන්නට සිතු මගේ මනාලියයි... ඒ තරම් සුන්දරව මා කිසිදිනකවත් ඇය දැක නැත..
පිරිවර අතුරින් ඇය වඩින්නේ සුරංගනාවියක් ලෙසිනි... මට මගේ කදුළු නැවතිය නිහැක.. ඔක්කොටම
කලින් ඉස්සරවන්නේ එයයි... ඇය මා නුදුටුවාය... මා ද ඇය අමතක කරදමුවා යයි සිතනවා වෙන්නැති..
ඇය දෑස බිමට බරකරගෙන සිහින් සිනහවකින් මුව සරසාගෙන ඉදිරියට පියනගයි...
විවාහ දිනය කෙල්ලෙකුගේ සිහිනයකි.. ඒ සතුට ඇයට උරුමය.. එයට ඇය වැරදි නැත...  වැරැද්ද මමය..
මම උන්නේ සිහියෙන් නොවෙයි.. ඇය දැන් ඔහුත් සමග පුජකතුමා ඉදිරියේය...
තව මොහොතකින් ඔවුනොවුන් මුදු මාරුකරගනිති.. ඉන් පසු... දෙදෙනාම.................
එය සිහිවනවිට මගේ ඔලුව බිත්තියකට වැරෙන් ගසාගෙන ගසාගෙන යන්නට තරම් ආවේගයක් සිතට එයි...

'මචං අපි යමු" මා සුගත්ට කීවෙමි..
"දැන්.. උබට පිස්සුද.. දැන් නැගිට්ටෝත් ඔක්කොට පේනවා.."
"අනේ මචං ප්ලීස්.. අපි යමු, මෙතන මට තව ඉන්න බෑ, මට තව බලන් ඉන්න බෑ.."
"ඕයි පිස්සුද.."
මා නැගිට්ටන්නට හදන විට සුගත් මගේ දෑතින් ම අල්ලාගත්තේය..
"හිටපන් විනාඩියක්.."
මා ගණන් නොගෙන වහාම එතනින් නැගිට එලියට ගියෙමි.. සුගත්ද කරකියාගත දෙයක් නොමැතිව මගේ පස්සෙන්ම ආවේය...
"ඇයි ඇයි මල්ලි.. කොහෙද යන්නේ.." එතන සිටි අය විමසනු මට ඇසුනි.. මා පසුපස නොබලා යන්න ගියෙමි...
"නැ.. මෙයාට පොඩ්ඩක් අසනිපයි වගේ.. එකයි.. අපි ඉක්මනට එනවා"
සුගත් එසේ පවසා දුවගෙන මා පිටුපසින් විත් මා නතරකරගත්තේය..

"උඹට පිස්සුද බං, තවටිකකින් අර ඔක්කොම කලබල වෙනව.. යකෝ එහෙම නැගිටලා යනවද.."
ම එවිට හිටියේ දෑසම කදුලින් පුරවාගෙනය.. කතාකරන්නට වත් ශක්තියක් නොවිය..

"මෙහෙ වරෙන්" ඔහු මාද ඇදගෙන වාහනය වෙත ගියේය..
දැන් සියල්ල සිදුවී හමාරය... ඇය ඔහුට හිමි වී අවසන්ය... දැන් ඔවුන් මුදු මාරු කරනවා වියයුතුය...
මා අවට සියල්ල බොදවනවා මෙන් පෙනේ..
"කසුන්.. මොකද මේ.."  මට ඒ වචන යන්තම් මතකය...
සියල්ල අදුරු වී ගියේය..
මට මතක එපමණය....

- රස්තියාදුකාරයා -

Sep 19, 2012

රස්තිගේ සටහන්.. pulished for you....

බොහෝ දෙනාගේ ඉල්ලීම මත ම විසින් අකුරු කල ලියමන් 2ක් රසිකයන් උදෙසා පලකර සිටිමි. (image format) කතුවරයාගේ අනන්‍යතාවය සමග මේ ලිපි ඕනෑම බ්ලොග් හෝ වෙබ් පිටුවල නැවත පලකිරීමට අවසර ඇත.



***

Aug 25, 2012

"pls... dnt cl me again... dnt txt me.. bye 4evr.."

මම දෑසම පියාගත්තෙමි. අතේ තිබුණු දුරකථන තිරය මත තිබු අකුරු කිහිපය තවමත් ඇස්ගෙඩි දෙකමත හොල්මන් කරයි...
 "pls... dnt cl me again... dnt txt me.. bye 4evr.."
මට අවටම බොඳව ගියා සේ දැනින... මහා හඬක් නගමින්
පපුවම සලිතකරන හෙනයක් මගේ ඔලුව උඩින් පුපුරා ගියේය..
අවටම අඳුරු කරමින් තිබු වලා
මතින් මහා වැස්සක් කඩා හැලෙන්නට විය.
මා සිටියේ මහ පාරේය.
දෑස් හැර මා නැවත දුරකතනයෙන් ඇය ඇමතුවෙමි..
නමුත් ඇය විසින් දුරකථනය ක්‍රියා විරහිතකර තිබිණි... මහා
අනෝරා වැස්සේ මා ලොව මත අතරමං වුවා සේ
මට දැනිණි.. මෙතෙක් වෙලා ඇස් මත පොර බදිමින් සිටි උණු කදුළු බිඳු දෙක මගේ මුහුණ හරහා රූරා වැටිණි.
මගේ පපුව තුල අස්සයෙක් දුවන්නාක්
සේ ගැහෙන හඬ මටම ඇසිනි..
මුවින් හඬක් හෝ පිටකිරීමට මට ශක්තිය නොවිය.. ගතම සීතල වී ගියමෙන් විය.  මෙය මා බලාපොරොත්තු නොවූවකි..
මට කකුල පන නැති වී ගියේය... මටත් නොදැනී මහ පාර මත මා දණින් සිටවිය.
මට මුළු ලොවම අහිමි වී ගියා සේ දැනිණි.කිසිම හේතුවක් නැතිව.. කොහෙවත් යන
පිස්සෙක් කියූ පලියට ඇය මා අවිශ්වාස කර
මගේ පපුවම ගිනිතබා හීන අළුකරගෙන ඇය මගෙන් වෙන්වුවාය.. මට වචනයක් වත්
කියන්නට ඉඩ නොතබා ඇය...... ඇගේ වචන වල තිබූ වේදනාව මට දැනිණි..
ඒත් ඇයට මට කතා කිරීමට අවසරයක් දිය යුතුව තිබිණි. ඒත්......
ඇය මට අහිමි වුවාය............ 
 අදට වසර 5කි... තවමත්නුවර ඔරලෝසු කනුව අසල
දණින් වැටී හැඬුව මාව.. මට මැවී පෙනෙයි...
එදාට පසු මා ඇය නොදුටුවෙමි. පිස්සෙකු සේ ඇයගේ නිවසට පවා මා ඇය සොයාගියෙමි.
නමුත් ඇය ගැන, ඇය කොහේදැයි මට සොයාගත නොහැකි විය...
මගේ ජීවිතයම ලස්සන කර... ආදරයේ මුලකුරු කියාදී,
ජීවිතය ජීවත්වෙන හැටි ඉගැන්වූ ඇය...
යන්නට ගියාය...... මා තවමත් ඇය සොයමින් විදි පුරා අවිදින්නෙමි....
මම.... සොයා යන්නෙමි...
මගේ ජීවිතය....
මම...
රස්තියාදුවේ යමි......... හෙටත්...
ඇය නැවත හමුවන තුරු,
ආදරයේ නාමයෙන්...
මා මියන තුරු....

- රස්තියාදුකාරයා -