හිස් තනි රූල් පොතක් වගේ...
ඉටිකවර මුකුත් දාල නැති අලුත බයින්ඩ් කරපු පොතක්.....
පොත පුරාවටම හිස් පිටු... ඒ පිටු වල මොනවත් ලියල තිබ්බේ නෑ.. ඒත් දවසක්.. හීන් පොද වැස්සට පස්සේ පායපු දේදුන්නක් වගේ ඔයා මගේ ජීවිතේට අවා....
මගේ ජිවිත පොත මගේ මුළු හද උඩින්ම ඔයාගේ පාමුල තිබ්බේ
උතුරන සතුටකින්.. එදා මම ඔයාගේ ඇස් වලින්... මම මගේ ජීවිතය දැක්කා... මට ජිවත් වෙන්න ආස හිතුනා... ඔයත් එක්ක...
මගේ හිස් පොතේ මුල් පිටුවේ ඔයා, ඔයාගේ නම ලිව්වා... ඒ නමට මගේ නමත් එකතු කළා...
එදා ඉදන් මේ දුප්පත් අහිංසක ජිවිත පොත.. මම ඔයාටම දුන්නා.... ඔයාටම..
මගේ ජිවිතේ ලිව්වේ ඔයා... සැරසුවෙත් ඔයා... ඔය අත්වලින් මගේ ජිවිතය ඔයා ලස්සන කළා... මගුල් ගෙයක් වගේ සැරසුවා... සමහර දවස්වලට නොසෑහෙන්න හෙම්බත්වෙලා උන්නු වෙලාවක ඔයා ඇවිත් මගේ ඔලුව ඔයාගේ උකුලේ තියාගතේ.. මගේ අම්මා වගේ........
මගේ ජිවිත පොතේ අකුරක් අකුරක් නෑර ලිව්වේ ඔයා...
ආදරයේ මුල් අකුරු මට කියල දුන්නෙත් ඔයා..
මම ජිවිතේ හදාගෙන ඉහලට යන්න හදනකොට
මිනිස්සු හරස් කැපුවා.. බිමටම ඇදල දැම්මා...
මගේ ජිවිත පොතේ කොළ ඉරල දැම්ම.. කෑලි කෑලි වලට ඉරලා ගුලිකරලා ව්සිකරලා දැම්මා....
මම ඉවරයි...
හින කම්මුතුයි...
අවලංගු කාසියක් වගේ....
මං ඇඩුවා...
ඒත්, ඔක්කොම ඉවරයි කියල හිතුන වෙලාවේ ඔයා මගේ ළඟ හිටියා...
අසරණ වෙලා හිටපු වෙලාවේ මගේ ඉරුණුපොතේ කොළ අයෙත් අහුලලා
එකතුරලා මේ කෑලි වලින්ම, තවත් කෙනෙකුට ඉගෙනගන්න වටින පොතක් හදලා දෙනවා කියල මගේ හිතට
ශක්තියක් උනේ ඔයා... "ඉගෙනගන්න තියා පත්තර කඩයක් වත් ඕක ගන්නේ නෑ" කියලා මිනිස්සු හිනාවෙද්දි, ලෝකේ තියන ලස්සනම.. වටිනාම පොත බවට කරලා පෙන්නනවා කියල
ලෝකෙට ඇහෙන්න කෑගහල ඔයා කිවා...
ලෝකෙට කෑගැහුවට මේක අයෙ හදන්න බැහැ කියල මමත් හිතුවා...
ඒත් ඔයා විශ්වාස කළා..මේ පැරදුන මාව... මටවත් මාව විශ්වාස කරන්න බැරි වෙලාවක,
මගේ රත්තරන් සුදු මැණික මාව විශ්වාස කළා..............
ඉරුණු කොළ අහුලලා ඒවා හදන්න වින්ද දුක..... දන්නවනම්......
රෑ දවල් කියල මම වැඩ කරනකොට ඔයා හිටියේ මගේ හෙවනැල්ල වගේ..
ඉහිරුණු මගේ ජිවිත පොතේ කෑලි ටික හොයනකොට ඔයාත් දුක්වින්දා... හොයල හොයලා එපා වෙලා.... ඉන්න වෙලාවක මාව සනසවන්න.. මගේ ලගින්ම ඉදගෙන.. මටත් වඩා දුක්වින්දේ ඔයා.....
මටත් වඩා මගේ ජිවිත පොතට ආදරේ කලේත් ඔයා..
අන්තිමේදී කොහොමහරි මට මගේ ජිවිත පොත හදලා දුන්නේත් ඔයා...
හරි ලස්සනට පිළිවෙලට හිතාගන්නවත් බැරි විදිහට ඔයා මගේ ජිවිතය ලස්සන කළා.. මිනිස්සු පුදුම උනා.. සමහර වට්ටපු මිනිස්සු ලජ්ජාවෙන් බිම බලාගත්තා.. හැමෝම කතා කලා.... මුළු ලෝකයක් ඉස්සරහට මාව එක්කගෙන ආවේ ඔයා... මගේ මැණික... අද මාව.. මේ ජිවිත පොත මුළු රටක්ම බලලා ප්‍රශංසා කරණවා.... එකට හේතුව ඔයා...
මට ගොඩාක් දේ.. ලැබුනා.. උතුරන්න සම්පත් ලැබුනා... හැමෝම සැලකුවේ මට...
ජීවිතය මගේ උනත් ඒ ජීවිතය හදපු ඔයා ගැන... මගේ රත්තරන් කෙල්ල ගැන කවුරුත් දන්නේ නෑ..... ඒ කවුද කියල මම ලෝකෙට කිවේ නැත්තං... මම අසමජ්ජාති කුහක මිනිහෙක්... මම එහෙම නෑ...රත්තරන්... මට දෙවියන් දුන්න ලොකුම වස්තුවතමයි ඔයා...
මම ඒක හැමෝටම ඇහෙන්න මෙවිදිහට කෑගහල කියනවා....
ඔව්... ඔයාම තමයි රත්තරන්..
මගේ ජිවිතයම කවියක් කරපු කවිකාරිය ඔයා....
මගේ මුළු ජිවිතයේම අයිතිකාරිය... ඔයයි
ඔයා මගේ ජිවිතෙට දුන්නු දේවල් ඔයාට මතක නැහැ....
ඒත් ඒවා මට අමතක වෙන්නේත් නැහැ....
- රස්තියාදුකාරයා -
0 comments:
Post a Comment