Copyrights @ Journal 2014 - Designed By Templateism - SEO Plugin by MyBloggerLab

Jun 12, 2011

ඔබ නිසා මම කවියෙකු වූ අරුමය... | I became an artist because of you

Share
ආදරය...
තමන් ආදරය කරන්න යන කෙනා
ලුහුඩු දැන්වීමක් කියවලා තෝරාගන්න පුලුවන්ද?
හ්ම්ම්...
එහෙනම් එක ආදරයක් නෙවෙයි..
එකට කියන්නේ වෙන එකක්...
ආදරයක් කවදාවත් "කරවන්න" බෑ....
ඒක ඇති වෙන්න ඕන.....
අපි ආදරය කරන හදවත දවසක අපට හමුවෙනවා...
අපි කවමදාකවත් දැකල නැති, හමුවෙලා නැති, වචනයක් හරි කතා කරලා නැති,
දුප්පත්, පොහොසත්, ආගම, ජාතිය, දන්නේ නැති හදවතක්...
දවසක අපිට හමුවෙනවා.....
අන්න එතකොට අපේ හදවත කියාවි...
"මෙන්න උඹටම ඉපදුනු කෙනා....!"
ආදරය...... කියන දේ ඇතිවෙන්න ඕන..
හදවත පිස්සුවට්ටන්න ඕන.....
අපට අපවම අමතක කරවන්න ඕන....
හරියට මට උනා වගේ.....
ඔයාව දැක්ක මුල් දවසේ මට උනා වගේ...
ආදරේ... ඇතිවෙන්න ඕනේ...

ආදරය...
ඔයාගේ ඇස් වලින් මම ඒ ආදරේ දැක්ක....
මට අද වගේ මතකයි ඒ බැල්ම..
ඔයාගේ වචන.. කටහඩ.. හැමදේම..
මේ අසරණ වෙච්ච දුප්පත් පපුව ඇතුලේ
දෝංකාර දෙනවා...
මගේ පුරන් වෙච්චි හදවත අස්වද්දුවේ ඔයා...
ඒත් පල නෙලන්න කලින් ඔයා ගියේ ඇයි.......?
මට තාම තේරුම්ගන්න බැරි.. අන්න ඒ දේ....
අපි දෙන්නා අතර උන හැමදේම....
මගේ ජිවිතේ..
මම ලබපු ලස්සනම දේවල්...
තමන් වෙනුවෙන් නෙවෙයි,
තවත් කෙනෙක් වෙනුවෙන් ජිවත් වෙන එකේ සතුට...
මට කියලදුන්නේ ඔයා.....
ඒවගේම ඒ කෙනා නැති උනාම
ජිවිතේම නැති උනා වගේ දැනෙන වේදනාව.....
ඒක කියල දුන්නෙත් ඔයා....
කවදා හරි ඔයා මට ලැබෙයි කියන ආත්ම විශ්වාසයෙන්
ජීවිතය ජීවත්වෙන විදිහ කියල දුන්නෙත් ඔයා.....
මිනිහෙක්ට දරන්න බැරි තරමේ වේදනාවක් දීලා
ඒ දුකේදී උනත්, දුක දුන්නු කෙනාටම
ආදරය කරන්න ඉගෙන්නුවෙත් ඔයා....
හදවතින් ඉකිබිදගෙන ලෝකෙට හිනාවෙන්න
කියල දුන්නෙත් ඔයයි මගේ රත්තරන්... ඕව්.. ඔයා...
ඔයාට ගොඩාක් ස්තුතියි කෙල්ලේ....
මම ඔයා එක්ක තරහ නෑ...
මම...... මම..මේ දුක්විදිනේ මුළු හදවතින්මයි.....
ඒ වේදනාවට මම කැමතියි... ඒ ඔයා නිසා ...
බලන්න...
ඔයා නිසා මම කවියෙකු වූ අරුමය....

- රස්තියාදුකාරයා -

3 comments:

  1. Teachers la transfer wenawa machan... Eka nisaa jeewithe ugannana kenek newei, ekata jeewath wenna try karana kellek hoya ganin...
    Niyama aadare thiyenne ethana.
    Mama kiyanne, umbath ekka duwanna puluwan assayek hoya ganin...
    (Thel Theory)

    ReplyDelete
  2. මොනවා කියන්නද කියලා තේරෙන්නේ නෑ මචං...හැබැයි කෙල්ලෙක් ගැන දුක් වෙනව නම්.මම කියන්නේ අමාරුවුනත් ඒකෙන් අයින් වෙන්න බලපන්.

    ReplyDelete
  3. මේ මගුලේ template එක අයින් කරලා වෙන එකක් දාගනින් කොලුවෝ....

    බ්ලොග් 1 හිතට ඇල්ලුවා දරුවෝ. දිගටම එන්නම් :)

    ReplyDelete