Copyrights @ Journal 2014 - Designed By Templateism - SEO Plugin by MyBloggerLab

Jun 9, 2011

මතක සුසුම

Share
 නිමක් නැති ගුවන් තල යට
තෙරක් නොපෙනෙන ඈතට
යන්නට හැදු මට
යන්නට නොදී නුඹ..

ළගින්ම හිඳ මා
හදට හද යාකොට
පෙන්වුයේ ඇයිද නුඹ
ජීවිතයම මට.....

තරුද නැති හිස් අහස මට
පෙන්වූ හිස් පාළුව
විදිමින් සිටි මගේ සිතට
ඇයිද ආවේ නුඹ....

එපා කියූ මා ලගටම වී
අනේ යයි මිමිණු පද
තේරුනේ නැත එහි අරුම
අද මෙන් එදා මට....

ගියා වෙන්ව නුඹ
ආයෙත් නොඑන ලෙස
අතරමං කර මා මේ
කතර මග මත....

            - රස්තියාදුකාරයා -

0 comments:

Post a Comment