Copyrights @ Journal 2014 - Designed By Templateism - SEO Plugin by MyBloggerLab

Oct 8, 2011

මගේ වාසනාව... | My Luck...

Share

මතකද.. 
ඔයා දවසක් කිවා මට අරලිය ගහ යටදී....
"තමන්ට නෙවෙයි, 
තමන්ගේම කරගන්න හිතෙන කෙනෙක් වෙනුවෙන්..,
ඒ හදවත වෙනුවෙන්... 
පිස්සුවෙන් වගේ ආදරය කරන්න..
ඒ හදවතේ කියාගන්න වචන නැති ඒ ආදරය ලබන්න...
වාසනාවක් තියෙන්න ඕන"
කියල..

ඇත්ත...............
ඒ විතරක් ද...?
ඒ හදවත හින්දම... ඒ ආදරය හින්දම..
ජීවිත කාලයක් පුරාම දුක් විදින්න.. 
ඒ දුක ලැබෙන්නත්, වාසනාවක් තියෙන්නම ඕන...
 

ඔව් රත්තරන්... 
දුක්  විදින්න හරි ආදරේ නොකරපු
හිස් මනුස්ස ජිවිත 
ඕනතරම් ඉන්නවා..
ඒ අතින් නම් මම තරම් වාසනාවන්තයෙක්...
පිං කරපු කොල්ලෙක් මේ ලොවෙත් නැතුව ඇති...
ඔයා හින්දම.. මේ ඇස්වලන් හැලුන 
හැම කදුළු බින්දුවක්ම...
ඒ මගේ 'වාසනාව' ගැන 
සාක්කි කියාවි...
දවසක - ඔයාට...

- රස්තියාදුකරයා -

0 comments:

Post a Comment