Copyrights @ Journal 2014 - Designed By Templateism - SEO Plugin by MyBloggerLab

Nov 21, 2011

කොල්ලෝ වෙච්ච අපට උරුම - ආදරේ | Love - Guys - Destiny

Share
 

ඔයා මං දිහා ඔය විදිහට බලන්නේ ඇයි කියල මං දන්නවා...
"මම හිතුවටත් වඩා මෝඩ පිස්සෙක්..."
වෙන්න ඇති.. මම ආදරය කරපු එකේ ප්‍රතිපල
එහෙම වෙන්න ඇති...ඔයා මට තවමත් ආදරෙයිද..
ඔයා කවදා හරි මට ලැබෙයි ද...
ඒවාට උත්තර හොයන්න මම
තවත් වෙහෙසෙන්නේ නැහැ....
ජිවිතයේ අතරමග හමුවුණු ඔයා හින්දා......
අද මම යන්නේ...
යන්න හිටපු පාරක නෙවෙයි...

එකට ඔයා වැරදි නැහැ... මම දන්නවා..
මම මේ යන්නේ කොහෙටද කියලවත්.. මං දන්නේ නෑ....
මම යන්න හිටියේ කොහෙද කියලවත්
මට දැන් මතකයක් නැහැ..
මතක එකම දේ...
ඒ ලස්සන අපි දෙන්නගේ හමුවීම විතරමයි...

මම කලේ හරිද.... වැරදිද... මම දන්නේ නැහැ..
එක කෙල්ලෙක් හින්දා
මගේ මුළු ජීවිතේම මම විනාස කරගන්නවද..
ඒක මම දන්නේ නැහැ..
දන්නේ මම ඒ කෙල්ලට පනටත් වැඩිය ආදරය කරපු බව විතරයි...
මේ වචන අහල පුරුදු බයිලා වෙන්න ඇති...
එත් මේ හැර වෙන කොහොම ඒක කියන්නද කියල
මම දන්නේ නැහැ....
"මම ඔයාට ආදරෙයි.., ඔයත් මට ආදරෙයි නේද..?"
ඒ කියලා ඉල්ලගන්න ජාතියේ ආදරය...
වෙන්න ඇති...

ඒත් කොල්ලෝ වෙච්ච අපට උරුම ආදරේ වෙනස්.....
"මම ඔයාට ආදරෙයි... ඔයාට විතරමයි..
ඔයා මට ආදරේ කරත් නැතත්...
මට මම ඔයාට හැමදාම ආදරේ කරගෙනම ඉන්නවා...
හැමදාම... මැරෙනකන්..."
ඒ තමයි, මම වගේ පිස්සන්ට උරුම ආදරේ හැටි.....

 
- රස්තියාදුකාරයා -

5 comments:

  1. eka etta machan..e cases terenne kollanta witai

    ReplyDelete
  2. පිස්සියන්ට උරුම ආදරෙත් ඒ වගේ තමයි සහෝ...

    ReplyDelete
  3. meka nam matama galapena, mamama kiyana mage kathawa wage.mama meka fb danawa.

    ReplyDelete