Copyrights @ Journal 2014 - Designed By Templateism - SEO Plugin by MyBloggerLab

May 22, 2012

ඔයාව දැක්ක මුල්දවසේ .... | The Day I first met you...

Share


rasthiyadukaraya

ආදරය කියනෙක කවදාවත් කාටවත් ඇතිකරන්න බැහැ කෙල්ලේ...
ආදරය ඉල්ලගන්න බැහැ... සල්ලිවලට ගන්නත් බැහැ.. එකට කියන්නේ වෙන නමක්...
ආදරය කියන එක ඇතිවෙන්න ඕනේ... හිත පිස්සු වැටෙන්න ඕනේ...
ඒක වෙනවා, ඕනම කෙනෙක්ට... ඇත්තටම.....
තමන්ට උරුම හදවත තියන කෙනා මුල්ම වතාවට දකිනකොට...
හිත සිතල වෙලා... හිරිවැටිලා යනහැටි... අකුණක් ගැහුවා වගේ වෙනවා...
හරියට ඔයාව දැක්ක මුල්දවසේ මට උනා වගේ... මාව දකිද්දී ඔයාට උනා වගේ..
ජීවිතේටම ඒ හැගීම දැනෙන්නේ එකවරයි.. ඒ එක්කෙනෙක් වෙනුවෙන් විතරමයි...
දැක්ක නොදැක්ක වගේ හිටියට, බොරුවට අහක බලාගත්තට...
පපුව ගැහෙන සද්දේ තමන්ටම ඇහෙන්න ගන්නවා.....
තුන් හිතම මගුල් ගෙයක් වගේ පිරිලා ඉතිරෙන්න යනවා..
ඈතින් හිටියට... ලගට තුරුල කරගන්න හිතෙනවා... එක මොහොතක් වත් ඈත්වෙන්න හිතෙන්නේ නැහැ...
කවදාවත් හිතුනේ නැති දේවල් හිතෙන්න ගන්නවා... නිකන්.......... අනේ මන්දා...
මේ.. පෙනෙන්නේ නැද්ද... මේ මම ලියල තියෙන්නේ... කවද ලියපු කවිද...
අඩු ගානේ "පොල් ගස" ගැන රචනාවක් වත් හරියට ලියාගන්න බැරි මම.... දැන් කවියෙක් වෙලා.... 
ලියනවා නෙවෙයි... ලියවෙනවා.... ඒක කියන්න බැහැ පුලුවන්නම් බලලා තේරුම් ගන්න....
ඔයා හිනා වෙනවා නේද කෙල්ලේ... පිස්සු කොල්ලෙක්!
ඔව්... කවදාවත් දැනුනේ නැති මේ ලෙන්ගතු හැගීම... මාව පිස්සු වට්ටලා රත්තරං....
මේ හැමදේම... ඔයා හින්දා....


- රස්තියාදුකාරයා -

2 comments:

  1. Niyamai rasthiyadukarayoooo.................

    ReplyDelete
  2. මං මේක උස්සනවෝ.. fb 1 දාන්න ඕන මගේ කෙල්ලෙගෙ. සොරි සොරි දැන් එයා මගේ නෙවෙයි wall එකට

    ReplyDelete