Copyrights @ Journal 2014 - Designed By Templateism - SEO Plugin by MyBloggerLab

May 22, 2012

ඔයාව දැක්ක මුල්දවසේ .... | The Day I first met you...



rasthiyadukaraya

ආදරය කියනෙක කවදාවත් කාටවත් ඇතිකරන්න බැහැ කෙල්ලේ...
ආදරය ඉල්ලගන්න බැහැ... සල්ලිවලට ගන්නත් බැහැ.. එකට කියන්නේ වෙන නමක්...
ආදරය කියන එක ඇතිවෙන්න ඕනේ... හිත පිස්සු වැටෙන්න ඕනේ...
ඒක වෙනවා, ඕනම කෙනෙක්ට... ඇත්තටම.....
තමන්ට උරුම හදවත තියන කෙනා මුල්ම වතාවට දකිනකොට...
හිත සිතල වෙලා... හිරිවැටිලා යනහැටි... අකුණක් ගැහුවා වගේ වෙනවා...
හරියට ඔයාව දැක්ක මුල්දවසේ මට උනා වගේ... මාව දකිද්දී ඔයාට උනා වගේ..
ජීවිතේටම ඒ හැගීම දැනෙන්නේ එකවරයි.. ඒ එක්කෙනෙක් වෙනුවෙන් විතරමයි...
දැක්ක නොදැක්ක වගේ හිටියට, බොරුවට අහක බලාගත්තට...
පපුව ගැහෙන සද්දේ තමන්ටම ඇහෙන්න ගන්නවා.....
තුන් හිතම මගුල් ගෙයක් වගේ පිරිලා ඉතිරෙන්න යනවා..
ඈතින් හිටියට... ලගට තුරුල කරගන්න හිතෙනවා... එක මොහොතක් වත් ඈත්වෙන්න හිතෙන්නේ නැහැ...
කවදාවත් හිතුනේ නැති දේවල් හිතෙන්න ගන්නවා... නිකන්.......... අනේ මන්දා...
මේ.. පෙනෙන්නේ නැද්ද... මේ මම ලියල තියෙන්නේ... කවද ලියපු කවිද...
අඩු ගානේ "පොල් ගස" ගැන රචනාවක් වත් හරියට ලියාගන්න බැරි මම.... දැන් කවියෙක් වෙලා.... 
ලියනවා නෙවෙයි... ලියවෙනවා.... ඒක කියන්න බැහැ පුලුවන්නම් බලලා තේරුම් ගන්න....
ඔයා හිනා වෙනවා නේද කෙල්ලේ... පිස්සු කොල්ලෙක්!
ඔව්... කවදාවත් දැනුනේ නැති මේ ලෙන්ගතු හැගීම... මාව පිස්සු වට්ටලා රත්තරං....
මේ හැමදේම... ඔයා හින්දා....


- රස්තියාදුකාරයා -

Feb 17, 2012

වසන්තයේ අවසන් හෝරාව.... | The last hour of the summer...


ජිවිතය කොතරම් නම් අවිනිශ්චිතද.....
නුවර ඔරලෝසු කනුව ළගට වෙලා එයා එනකම් 
බලාගෙන ඉන්න අතරතුර
මට හිතුන... මහා වැස්සක් කඩා පාත්වෙන්න
 සලකුණු තියාගෙනන
හවස් වරුවේ වැහි වලාකුළු හෙමින් හෙමින් 
නුවර අහස යටින් ඇදෙනව.. ඉස්සර නම්
කොච්චර ආසාවෙන් එයා එනකම් 
මම මෙතන බලාගෙන ඉන්නේ... 
මට මාවම මැවිලා පේනවා වගේ...
කොච්චර පොහොසත් කෙල්ලෙක් උනත්.. 
අපි වගේ සාමාන්‍ය කොල්ලෝ කෙල්ලෝ කරන පිස්සු වැඩ
කරන්න එයත් ආසයි.. එ
යා ඉරිදාට එයාගේ නැන්දලාගේ ගෙදර එනවා.. 
එයාගේ යාලුවෝ එහෙමත් ඉන්නවලු ඒ පැත්තේ..
හරිම පුදුම කෙල්ලෙක්.. හැමෝම එයාට ආස කළා.. 
කොයිවෙලෙත් මුහුණට හඳක් පායලා වගේ...
කෙල්ල හිනාවෙනකොට.. මටනම් ලෝකේ හැම දුකක්ම නැතිවෙලා යනවා වගේ දැනෙනවා...
එයා ලඟ ඉන්නකොට මගේ මුළු පපුවම පිරිලා ඉතිරිලා යනවා වගේ...
මට මාවම අමතක වෙලා යනවා... අනිත් කොල්ලෝ මං දිහා බලන්නේ කන්න වගේ... 
ඇත්ත.. මම නිකම්ම නිකන් පිස්සු කොල්ලෙක්.. 
මම වගේ කොල්ලෙක් එක්ක මේ වගේ කෙල්ලෙක් ලගින් වත් තියන්න බැහැ... 
ඒත්.. මගේ රත්තරන් මැණික මට හිටියා... 
හැම දේටම වඩා මම ආස කලේ ගිරවියෙක් වගේ කතා කරනවා බලන්න... 
එයත් එක්ක ඉන්න හැම වෙලාවකම මම කතා කරනවාටත් වැඩිය 
මම කලේ එයා කියන එක අහගෙන ඉන්න එක..
ඒ සුදු මහුණ.. නැළවෙන ඇස්දෙක.. දිහා බලාගෙන මට මගේ ජීවිතය උනත් අමතකරන්න පුළුවන්...
වෙලාවකට කවියක් වගේ කියලත් හිතෙනවා..... 
මේ වගේ කෙල්ලෙක් ම..ට...... මට....  යාලුවෙක් විදිහට හරි ලැබෙන්න...... 
මම කවදා හරි ලොකුම ලොකු පිනක් කරන්න ඇතිය.. කියලා මට හිතුන වාර අනන්තයි.. 
එයාව මගේම කරගන්න මම පෙරුම් පිරුවා විතරයි..
ඒත් එයා වගේ වස්තුවක් මම වගේ රස්තියාදුකාරයෙක් වගේ කොල්ලෙකුට... 
නිකන්ම නිකන් දවල් හීනයක්... මම දන්නවා... 
ඒත් මම ඒ හීනයට මගේ මුළු ආත්මයෙන්ම ආදරේ කළා... ඔව්.. මම ආදරේ කළා..
ඒත් මට ඒ ආදරේ හිමි නැති බව මම හොදටම දන්නවා.. 
එයා වෙන කෙනකුට හිමිවෙලා ඉවරයි...
ඒ දෙන්න ළගදීම බදිනවලු... එයා මට කිවා.. එන්ගේජ්මන්ට් එකත් තිබුනා... 
ඒ පින්තුරත් මම දැක්ක... සුරංගනාවියක් වගේ... 
ඒ අත ගන්න ඒ කොල්ලා කොච්චාර වාසනාවන්ත වෙන්න ඇත්ද..
මට හිතුන... ඉරිසියාව...... වෙන්නැති.. ඊට වැඩිය මට මම ගැනම දුකයි..
රාජකුමාරියක් වගේ කෙල්ලෙක් මම වගේ හිගන කොල්ලෙකුට ඒ අම්මලා දෙයිද... හ්ම්ම්...
මේවා දැන දැනත් මම තාමත් එයා ගැනම හිත හිත ඉන්නවා... 
අද සමහරවිට මේ මම මගේ රත්තරන් කෙල්ල හමුවෙන අන්තිම දවස වෙන්නැති... ඔව්...
හීනය දකින අන්තිම දවස... මගේ ජිවිතයේ වසන්ත කාලයක් කියල තිබ්බනම් 
ඒ වසන්තයේ අන්තිම හෝරා කිහිපය... 
මට දැනෙනවා.... ඇස් ගෙඩිදෙක පිටිපස්සෙන් කදුළු බින්දුවක්
එලියට පනින්න යුද්ධ කරනවා වගේ... මම දරාගෙන හිටියා.... 
මම දැන් කොච්චර වෙනස් වෙලාද... මටම හිතෙනවා... 
ආදරය මිනිස්සුන්ව වෙනස් කරනවා... 
ආදරය හින්දා මිනිස්සු වෙනස් වෙනවා.... 
ඒ යතාර්ථය මට දැන් හොදටම දැනෙනවා...
හ්ම්ම්......


- රස්තියාදුකාරයා  -

Nov 21, 2011

කොල්ලෝ වෙච්ච අපට උරුම - ආදරේ | Love - Guys - Destiny

 

ඔයා මං දිහා ඔය විදිහට බලන්නේ ඇයි කියල මං දන්නවා...
"මම හිතුවටත් වඩා මෝඩ පිස්සෙක්..."
වෙන්න ඇති.. මම ආදරය කරපු එකේ ප්‍රතිපල
එහෙම වෙන්න ඇති...ඔයා මට තවමත් ආදරෙයිද..
ඔයා කවදා හරි මට ලැබෙයි ද...
ඒවාට උත්තර හොයන්න මම
තවත් වෙහෙසෙන්නේ නැහැ....
ජිවිතයේ අතරමග හමුවුණු ඔයා හින්දා......
අද මම යන්නේ...
යන්න හිටපු පාරක නෙවෙයි...

එකට ඔයා වැරදි නැහැ... මම දන්නවා..
මම මේ යන්නේ කොහෙටද කියලවත්.. මං දන්නේ නෑ....
මම යන්න හිටියේ කොහෙද කියලවත්
මට දැන් මතකයක් නැහැ..
මතක එකම දේ...
ඒ ලස්සන අපි දෙන්නගේ හමුවීම විතරමයි...

මම කලේ හරිද.... වැරදිද... මම දන්නේ නැහැ..
එක කෙල්ලෙක් හින්දා
මගේ මුළු ජීවිතේම මම විනාස කරගන්නවද..
ඒක මම දන්නේ නැහැ..
දන්නේ මම ඒ කෙල්ලට පනටත් වැඩිය ආදරය කරපු බව විතරයි...
මේ වචන අහල පුරුදු බයිලා වෙන්න ඇති...
එත් මේ හැර වෙන කොහොම ඒක කියන්නද කියල
මම දන්නේ නැහැ....
"මම ඔයාට ආදරෙයි.., ඔයත් මට ආදරෙයි නේද..?"
ඒ කියලා ඉල්ලගන්න ජාතියේ ආදරය...
වෙන්න ඇති...

ඒත් කොල්ලෝ වෙච්ච අපට උරුම ආදරේ වෙනස්.....
"මම ඔයාට ආදරෙයි... ඔයාට විතරමයි..
ඔයා මට ආදරේ කරත් නැතත්...
මට මම ඔයාට හැමදාම ආදරේ කරගෙනම ඉන්නවා...
හැමදාම... මැරෙනකන්..."
ඒ තමයි, මම වගේ පිස්සන්ට උරුම ආදරේ හැටි.....

 
- රස්තියාදුකාරයා -

Oct 8, 2011

මගේ වාසනාව... | My Luck...


මතකද.. 
ඔයා දවසක් කිවා මට අරලිය ගහ යටදී....
"තමන්ට නෙවෙයි, 
තමන්ගේම කරගන්න හිතෙන කෙනෙක් වෙනුවෙන්..,
ඒ හදවත වෙනුවෙන්... 
පිස්සුවෙන් වගේ ආදරය කරන්න..
ඒ හදවතේ කියාගන්න වචන නැති ඒ ආදරය ලබන්න...
වාසනාවක් තියෙන්න ඕන"
කියල..

ඇත්ත...............
ඒ විතරක් ද...?
ඒ හදවත හින්දම... ඒ ආදරය හින්දම..
ජීවිත කාලයක් පුරාම දුක් විදින්න.. 
ඒ දුක ලැබෙන්නත්, වාසනාවක් තියෙන්නම ඕන...
 

ඔව් රත්තරන්... 
දුක්  විදින්න හරි ආදරේ නොකරපු
හිස් මනුස්ස ජිවිත 
ඕනතරම් ඉන්නවා..
ඒ අතින් නම් මම තරම් වාසනාවන්තයෙක්...
පිං කරපු කොල්ලෙක් මේ ලොවෙත් නැතුව ඇති...
ඔයා හින්දම.. මේ ඇස්වලන් හැලුන 
හැම කදුළු බින්දුවක්ම...
ඒ මගේ 'වාසනාව' ගැන 
සාක්කි කියාවි...
දවසක - ඔයාට...

- රස්තියාදුකරයා -

Aug 12, 2011

දන්නේ කීයෙන් කීදෙනාද.... | Only few of us know this...

පිරිමි හිත මහා මෙරු පර්වතයක් වගේ.. ගල් හිතක් කියලා හුගක් අය කියනවා. ඒත් ඒ හිත ඇතුලේ තියන දේවල් දකින්නේ කියෙන් කීදෙනාද? හැගීම් දැනීම් නැති කලුගල් වගේ පෙනුනට ඒ හිත් හරිම බොළඳයි.. අහිංසයි.. ඒත් උන් මුහුණදෙන සමහර සිද්දි.. ඒ හිත් අසරණ කරලා ගල් කරනවා... අවාසනාවට ගොඩක් වෙලාවට එක වෙන්නේ ගැහැනියක් අතින්.......

හුගක් වෙලාවට හීන දකින්නේ ගැහැණු ළමයි කියලා කතාවක් තියනවා.. වෙන්න ඇති.. ඒත් කොල්ලොත් හීන මවනවා කියලා දන්නේ කියෙන් කීදෙනාද.... කොල්ලොන්ට හීන දකින්න කියලා දෙන්නේ ගැහැණු හිතක්... කරපු දෙයක් නැති උනත් උන්ට උගේ කෙල්ලකියන්නෙ මැණිකක් වගේ... රකිනවා.. බයයි.. නැතිවෙයි කියලා.. ඒත් හුගක් එවුන්ට කෙල්ල නැති වෙන්නේ උගේ ආදරේ වැඩි කමට නීති දාන්න ගිහින් කියලා දන්නේ කියෙන් කීදෙනාද..
කොල්ලෙක්ගේ ආදරය වෙනස්.. බැලු බැල්මට මහා නපුරු යකෙක් වගේ එකෙක් කියලා පෙන්නේ.. 
 පිස්සු නටන රස්තියාදුකාර ඩයල් එකක් .... ඒත් උන්ගේ
හිත් කොච්චර අහිංසකද කියලා දන්නේ කියෙන් කීදෙනාද.. කොටට ඇඳලා යන
කෙලි පැටික්කියක් දැක්කොත් කොල්ලන්ට ඇති...... ඒත් උගේ ගැහැණු ළමයාට 
කොට ගවුමක් හරි තද කලිසමක් හරි අදින්න දෙන්නේ නෑ... 
ඇයි කියලා දන්නේ කියෙන් කීදෙනාද... රණ්ඩු කරගෙන හරි උට ඕන දේ කරවනවා.. 
නොකියා කොහේ හරි ගියොත් විනාසයි... 
උන් ඒ තරමට උගේ කෙල්ල රකිනවා.. මලක් වගේ... ඒත් කරුමෙට
උන්ට ඒක තේරුම් කරලා දෙන්න දන්නේ නෑ.. නීති දානකොට කෙල්ලෝ, උන්ව දාල
යනවා... ඒත් ඒ ඔක්කොම උනේ උගේ ආදරේ වැඩිකමට කියලා දන්නේ කියෙන් කීදෙනාද....

-රස්තියාදුකාරයා-

Jul 19, 2011

යන්නට අවසරයි... | Time to leave my love...

දාහක් දේ කියන්න දේවල් හිතේ තිබුනත්.. ඒ හැම එකක්ම කියන්නවත්.. ලියන්නවත්.. මට අකුරු ගලපගන්න අමාරුයි. ..
යමක් හිතේ තියාගෙන.. ගිලගෙන.. කාටත් නොකියා... කියන්නත් බැරුව.. කියන්න කෙනෙකුත් නැතුව ඉදල තියනවද? හ්ම්ම්... ඒවා දන්නේ අපි වගේ පිස්සු... ඔයා කිවත් වගේ මෙන්ටල් පොරවල්ට
විතරයි... මට අනුන්ට පේන්න ජිවත් වෙන්න දන්නේ නැහැ.. එහෙම ජීවත්වෙන්න උවමනාවකුත් නැහැ.
මේ ඉන්න මම තමයි ඇත්ත.. බොරුවෙන් ජිවත්වෙනවානම් අද මෙච්චර වද විදින්න ඕන නැහැ. ඒත් ඒක ඇත්තක් නෙවෙයි... මුලාවක්..

මම ඔයාට ආදරේ කලේ බොරුවට නෙවෙයි.. කාගෙන්වත් අහලත් නෙවෙයි. මම වැඩ කරන්නේ හදවත
කියන විදිහට.. මම දන්නවා මගේ තේරීම වරදින්නේ නෑ.. මගේ ජිවිතේ තෝරගත්තු ලස්සනම.. වටිනාම දේ.. ඔයාම තමයි.. මට ඔයා වගේ කෙල්ලෙක් මට නැති කරගන්න බෑ...  මෙච්චර වටින ඔයාව දමල ගහල යන්න බෑ..  හිත රිද්දන්න මට බැහැ. ඒත් ඔයා ගියා.. ඇත්ත.. මගේ ඇති වටිනාකමක් ඔයා දකින්නේ නැතුව ඇති. ඔයා මාව තේරුම් ගත්තෙම වැරදියටයි. මම පිස්සු වැඩ කළා තමයි.. ඒත් කරපු හැමදෙයක්ම මම කලේ
ඇයි කියලා හිතුවද... හිතල බලන්න.. ඔක්කොම ඔයාට පැලෙන්න ආදරේ කරපු හින්ද.. නැතුව තරහකට නෙවෙයි.

මීටත් වැඩිය මට කියන්න දෙයක් නෑ කෙල්ලේ.. කියන්න කියන්න.. මගේ හිත රිදෙනෙක විතරයි වෙන්නේ.
ආදරයක් හින්ද මම ගොඩක් දේවල් ඉගෙනගත්තා.. මම දන්නෑ ඉස්සරහට මොනවා වෙඉද කියලා..
මම ආයේ ඔයා ඉස්සරහට එන්නේ නෑ.. ඔයා මං ගැන වදවෙන්න එපා.. මොනම විදිහකටවත්
මම ආයේ ඔයා ඉස්සරහට ඉන්නේ නෑ... ඒත් එකක් මතක තියාගන්න.. මම යන්නම ගියාට
ඒකෙන් මම ආදරේ කරන ඒක නැතිවෙන්නේ නෑ.. ඒත් ඒ ආදරේ පෙන්නන එක නවත්තනවා විතරයි......
යමක් කොච්චර වටිනවද තේරෙන්නේ ඒක නැති උනාමලු.. ඔයාට මේවා කවදාහරි තේරෙයි..
එදාට................... ඒක කාලයට ඉඩදෙමු...

-රස්තියාදුකාරයා-

Jun 28, 2011

මගේ ජීවිතය.. හරියට හුළගට ගසාගෙන යන කොළ කෑල්ලක් වගේ... | My Life with you

මගේ ජීවිතය.. හරියට හුළගට ගසාගෙන යන කොළ කෑල්ලක් වගේ...
ඒ කොළ කෑල්ල හිස්.. අරමුණක් නැතුව ඔහේ හුළගට තෙරක් නොපෙනෙන ඈතක් හොයාගෙන ඔහේ.. පාවී පාවී..
ඈතට.. ඈතින් ඈතට ගියේ.. ඉබාගාතේ... මගේ ජීවිතයත් අරමුණක් නැතුව
ඔහේ අවුරුදු  21 ක් ගෙවිලා ගියේ කිසිම අරමුණක් නැතුව.. ඒ ජීවිතය හරිම සැහැල්ලුයි.. බැදීම් තිබ්බෙම නැති තරම්..
ඒත් දෛවය... මගේ මේ ජීවිතට කණපිට හැරෙව්වේ මටත් හිතාගන්න බැරි පුදුම විදිහකට...
දන්නවද... මේ ඉබාගාතේ පාවුන කොළ කෑල්ල.. පෙම් හසුනක් බවට පත්කළේ ඔයා... ඔයාගේ ඔය අවිහිංසක සිනහව...
එක උනේ මෙන්න මෙවිදිහට..
එදා ඉරිදාවක්.. ලස්සන දවසක් කියල එදා උදේ පාන්දරම මට හිතුන.......
වෙනදට ඉර අවුව වැටෙනකන් නිදාගන්න මම එදා පාන්දරම නැගිටලා ඉර පායන විදිහ බලන් හිටය.. ඒ ඇයි කියල මමවත් දැනගෙන හිටියේ නෑ.. ඒත් කන්ද කපාගෙනරිදිපාට කිරණ විහිදාගෙන ඉර පායන ලස්සන මම හදවතින්ම විදගෙන උන්නේ...
හිත පිරිලා උතුරනවා වගේ හැගීමක මට එදා දැනුන... එදා උදෙන්ම මම එලියට බැස්සේ කිසිම වැඩක තියන හින්ද නෙවයි..
මොනවා කරන්නද කියල හිතාගන්නවත් බැරි හින්ද..
අම්ම හදල් දුන්නු තේ එකත් බිල මම ඔහේ ටවුම පැත්තට රස්තියාදුවේ ගියා...
මග දිගට යාලුවෝ කීපදෙනෙක හම්බුනා.. ටිකක් වෙලා වල්පල් දොඩවල අයෙත් ඇවිදින්න ගත්තා..  හිතට නිකන් කියන්න බැරි බරක් වගේ දැනෙන්න ගත්තට මට ඒ ඇයි කියල තේරුම් ගන්න බැරි උනා...
වෙලාව...  1. 00  විතර ඇති.. හිටිහැටියේ අහස කළු කරගෙන ඒ දෛවෝපගත වරුසාව වැස්ස පොලවට කඩා හැලුනා..
බලාපොරොතු නැති වැස්සට මම දුවගෙන ගිහින් බස් හෝල්ට් එකක් අස්සට රිංගුවා..
ඒ වෙනකොටත් මම බාගෙට තෙමිලයි උන්නේ...
ජිවිතයේ සමහර සිද්දි මතක කරන්නත් ආසයි.. මට දැනුත් එදා වැස්සට තෙමුණු මාව මැවිලා පේනවා වගේ..
එදා තමයි මගේ ජීවිතයේ වටිනාම කියන වස්තුව ලැබුණු දවස.. මගේ ඉරණම්කාරී දැක්ක මුල්ම දවස.. ඒ දවස කොහොම නම් අමතක කරන්නද.....
දෛවය විසින් ඒ හමුවීමේ අපුර්වතම චිත්‍රය.. මගේ ජිවිතය උඩ සිත්තම් කළා...
වැස්ස කීයට පායිද කියල වටේ හිටපු අය කියව කියව උන්න.. ඒත් මට ඒ කිසිමදෙයක් දැනුනේ නෑ.. මම ඔහේ පාරේ ඈත බලාගෙන හිටියා.. පාරේ වාහනත් එච්චර තිබ්බේ නෑ... මහා පාලු බවක් මට පෙනුන..
ඒත් ඒ පාළුව අස්සෙන්... රුවක් මතුවෙනවා මම ඈත දැක්ක.. කුඩයක් ඉහලාගෙන එන පුංචි රුවක්..
වැහිපොද අස්සෙන් මතුවුණා.. ඕව්.. ඒ තමයි ඔයා...
මගේ පපුව එකපාරටම නැවතුනා වගේ දැනුනා.. දෙවියනේ කවුද මේ.. එච්චරමයි මට හිතුනේ.. ටිකෙන් ටික මට රුව පෙනෙන්න ගත්තා...
දෙවියනේ... මේ කවුද.. මම දන්නේ නෑ.. ඒත් ඔයාගෙන් ඇස් දෙක අහකට ගන්න මට බැරි වුනා... සුදුපාට සල්වාර් එකක් ඔයා ඇදගෙන හිටියේ.. එක අතකින් පොතක් පපුවට තුරුළු කරගෙන.. අනිත් අතින් කුඩේ ඉහලාගෙන... වැස්සට හැරුණු පුංචි මඩ වලවල් උඩින් බේරලා කකුල තියන්.. ඔයා ආපු විදිහ...
වැහි බිංදු දෙකක් ඔයාගේ සුදු කම්මුල් උඩ තැවරිලා... හුළගට මුහුණට වැටුණු කෙස් කැරැල්ල.
ඔයා අයින් කරන්න බලනවා... අනේ දෙවියනේ.. මට මාවම අමතකවෙලා ගියාවාගේ දැනුනා.. දෙයියනේ මෙහෙමත් කෙල්ලෙක්..... මට දුවගෙන ඇවිල්ල ඔයාගේ ඔය සුදු මුහුණට වැටුණු කෙස් කැරැල්ල අයින් කරලා... ඔයාව..........  ඉඹගෙන ඉඹගෙන යන්න හිතුන..... ඇත්තමයි... මට හිතුන... සත්තයි.....
අපි ඕනතරං ලස්සන කෙල්ලෝ දැකල තියනවා.. ඒ කෙල්ල ලස්සනයි කියල කියනවා තමයි.. ඒත් තමන්ගේම කරගෙන... තමන්ගේ ජීවිතේම පුජාකරන්න හිතෙන්නේ එකම එක කෙල්ලෙකුට විතරයි.. ඒකෙනා තමන්ගේ හදවත විසින් තෝරාගන්නවා..
ඒ තමයි තමන්ගේ ඉරණම්කාරි.... එදත් මට උනේ එටිකමයි...
ඔයා දැක්ක ඒ මොහොතේම මම හිතාගත්තා.. මට දැනුන.. ඔයා ඉපදුනේ මං වෙනුවෙන්මයි කියල... ඔයා මාව පහුකරගෙන යන ගමන් යන්තම් මං දිහා බැලුව මතකද...
මගේ පපුව හතර පස් කඩකට පැලිලා ගියාවාගේ දැනුනා.. "මම ඔයාටමයි..." කිවාවගේ හැගීමක මට දැනුනා...
මුළු ලෝකයක් හරහට හිටියත් මම ඔයාව මගේම කරගන්නවා කියලා මම මගේ හදවතට දිව්රල කිවා... එදා මට දැනුන දේවල් මම කොහොම නම් කියන්නද... මම මේ මොනවා ලියනවද මමවත් දන්නේ නෑ...
ඔහේ හුළගට පාවුණු කොලයක් වගේ උන්නු මාව..
පෙම් හසුනක් උනේ... ඔන්න ඔහොම තමයි....
ඒ හසුන හැඩ වැඩ දාලා.. කවි නිසදැස් ලියල...
අකුරු කලේ ඔයා තමයි...
කෙල්ලක්, කොල්ලෙක්ගේ ජිවිතයට කොච්චරනම් වටිනවද....
ඒ යටාර්ථය කියලා දුන්නු ඔයාට දස දහස් වාරයක් පිං සිද්දවෙනවා රත්තරන්........

-රස්තියාදුකාරයා -

Jun 23, 2011

මගේම ඔයා...

මම, මගේ ජීවිතය...
හිස්‌ තනි රූල් පොතක් වගේ... 
ඉටිකවර මුකුත් දාල නැති අලුත බයින්ඩ් කරපු පොතක්.....
පොත පුරාවටම හිස්‌ පිටු... ඒ පිටු වල මොනවත් ලියල තිබ්බේ නෑ.. ඒත් දවසක්.. හීන් පොද වැස්සට පස්සේ පායපු දේදුන්නක් වගේ ඔයා මගේ ජීවිතේට අවා....
මගේ ජිවිත පොත මගේ මුළු හද උඩින්ම ඔයාගේ පාමුල තිබ්බේ
උතුරන සතුටකින්.. එදා මම ඔයාගේ ඇස් වලින්... මම මගේ ජීවිතය දැක්කා... මට ජිවත් වෙන්න ආස හිතුනා... ඔයත් එක්ක...
මගේ හිස්‌ පොතේ මුල් පිටුවේ ඔයා, ඔයාගේ නම ලිව්වා... ඒ නමට මගේ නමත් එකතු කළා...
එදා ඉදන් මේ දුප්පත් අහිංසක ජිවිත පොත.. මම ඔයාටම දුන්නා.... ඔයාටම..
මගේ ජිවිතේ ලිව්වේ ඔයා... සැරසුවෙත් ඔයා... ඔය අත්වලින් මගේ ජිවිතය ඔයා ලස්සන කළා... මගුල් ගෙයක් වගේ සැරසුවා... සමහර දවස්වලට නොසෑහෙන්න හෙම්බත්වෙලා උන්නු වෙලාවක ඔයා ඇවිත් මගේ ඔලුව ඔයාගේ උකුලේ තියාගතේ.. මගේ අම්මා වගේ........ 

 
මගේ ජිවිත පොතේ අකුරක් අකුරක් නෑර ලිව්වේ ඔයා...
ආදරයේ මුල් අකුරු මට කියල දුන්නෙත් ඔයා..
මම ජිවිතේ හදාගෙන ඉහලට යන්න හදනකොට
මිනිස්සු හරස් කැපුවා.. බිමටම ඇදල දැම්මා...
මගේ ජිවිත පොතේ කොළ ඉරල දැම්ම.. කෑලි කෑලි වලට ඉරලා ගුලිකරලා ව්සිකරලා දැම්මා....

මම ඉවරයි...
හින කම්මුතුයි... 

අවලංගු කාසියක් වගේ....
මං ඇඩුවා...
ඒත්, ඔක්කොම ඉවරයි කියල හිතුන වෙලාවේ ඔයා මගේ ළඟ හිටියා...
අසරණ වෙලා හිටපු වෙලාවේ මගේ ඉරුණුපොතේ කොළ අයෙත් අහුලලා
එකතුරලා මේ කෑලි වලින්ම, තවත් කෙනෙකුට ඉගෙනගන්න වටින පොතක් හදලා දෙනවා කියල මගේ හිතට
ශක්තියක් උනේ ඔයා... "ඉගෙනගන්න තියා පත්තර කඩයක් වත් ඕක ගන්නේ නෑ" කියලා මිනිස්සු හිනාවෙද්දි, ලෝකේ තියන ලස්සනම.. වටිනාම පොත බවට කරලා පෙන්නනවා කියල
ලෝකෙට ඇහෙන්න කෑගහල ඔයා කිවා...
ලෝකෙට කෑගැහුවට මේක අයෙ හදන්න බැහැ කියල මමත් හිතුවා...
ඒත් ඔයා විශ්වාස කළා..මේ පැරදුන මාව... මටවත් මාව විශ්වාස කරන්න බැරි වෙලාවක,
මගේ රත්තරන් සුදු මැණික මාව විශ්වාස කළා..............
ඉරුණු කොළ අහුලලා ඒවා හදන්න වින්ද දුක..... දන්නවනම්......
රෑ දවල් කියල මම වැඩ කරනකොට ඔයා හිටියේ මගේ හෙවනැල්ල වගේ..
ඉහිරුණු මගේ ජිවිත පොතේ කෑලි ටික හොයනකොට ඔයාත් දුක්වින්දා... හොයල හොයලා එපා වෙලා.... ඉන්න වෙලාවක මාව සනසවන්න.. මගේ ලගින්ම ඉදගෙන.. මටත් වඩා දුක්වින්දේ ඔයා.....
මටත් වඩා මගේ ජිවිත පොතට ආදරේ කලේත් ඔයා..
අන්තිමේදී කොහොමහරි මට මගේ ජිවිත පොත හදලා දුන්නේත් ඔයා...
හරි ලස්සනට පිළිවෙලට හිතාගන්නවත් බැරි විදිහට ඔයා මගේ ජිවිතය ලස්සන කළා.. මිනිස්සු පුදුම උනා.. සමහර වට්ටපු මිනිස්සු ලජ්ජාවෙන් බිම බලාගත්තා.. හැමෝම කතා කලා.... මුළු ලෝකයක් ඉස්සරහට මාව එක්කගෙන ආවේ ඔයා... මගේ මැණික... අද මාව..  මේ ජිවිත පොත මුළු රටක්ම බලලා ප්‍රශංසා කරණවා.... එකට හේතුව ඔයා...
මට ගොඩාක් දේ.. ලැබුනා.. උතුරන්න සම්පත් ලැබුනා... හැමෝම සැලකුවේ මට...
ජීවිතය මගේ උනත් ඒ ජීවිතය හදපු ඔයා ගැන... මගේ රත්තරන් කෙල්ල ගැන කවුරුත් දන්නේ නෑ..... ඒ කවුද කියල මම ලෝකෙට කිවේ නැත්තං... මම අසමජ්ජාති කුහක මිනිහෙක්... මම එහෙම නෑ...රත්තරන්... මට දෙවියන් දුන්න ලොකුම වස්තුවතමයි ඔයා...
මම ඒක හැමෝටම ඇහෙන්න මෙවිදිහට කෑගහල කියනවා....
ඔව්... ඔයාම තමයි රත්තරන්..
මගේ ජිවිතයම කවියක් කරපු කවිකාරිය ඔයා....
මගේ මුළු ජිවිතයේම අයිතිකාරිය... ඔයයි
ඔයා මගේ ජිවිතෙට දුන්නු දේවල් ඔයාට මතක නැහැ....
ඒත් ඒවා මට අමතක වෙන්නේත් නැහැ....





- රස්තියාදුකාරයා -